ගම් කිහිපයක් කළුවරේ තිබ්බ පවුල් ආරවුල | Ada Derana

Ada Derana Video Today

説明

කඹුරුපිටිය සමුපකාර සමිති ශාලාව ඉදිරිපිට වෙල්යායක ලංකා විදුලිබල මණ්ඩලයට අයත් අධිබල විදුලි රැහැන් සහිත කණුවකට පුද්ගලයෙකු නැගීම හේතුවෙන් අද (21) පස්වරුවේ ප්‍රදේශ රැසකට පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම පුද්ගලයා විදුලි කණුවට නැග ඇති අතර, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, කඹුරුපිටිය, අකුරැස්ස, තිහගොඩ, දෙයියන්දර සහ මුලටියන ඇතුළු ප්‍රදේශ රැසකට මෙන්ම රෝහල් කිහිපයකටද පැය දෙකකට ආසන්න කාලයක් විදුලි සැපයුම අහිමි වී තිබුණි.


Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews