පුද්ගලික බස් රියදුරුට චණ්ඩි පාට් දැමූ ලංගම රියදුරු... | Ada Derana

Ada Derana Video Yesterday

Description

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

පුද්ගලික බස් රියදුරුට චණ්ඩි පාට් දැමූ ලංගම රියදුරු...

දිවුලපැලැස්ස, මහියංගණය සහ බදුල්ල හරහා වැලිමඩ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ලංගම බස් රථයක රියදුරෙකු පහරදුන් බවට වැලිමඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පෞද්ගලික බස් රථයේ ගමන් වාරයෙන් පසුව ධාවනය වන කැප්පෙටිපොළ ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරු, නියමිත කාලසටහනට වඩා වැඩි වේගයකින් බස් රථය ධාවනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම, බදුල්ල – වැලිමඩ මාර්ගයේ අතරමගදී ලංගම බස් රථය පෞද්ගලික බස් රථය හරස් කර, එහි රියදුරුට පහරදීමට උත්සාහ කර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, ලංගම බස් රථයේ රියදුරු පෞද්ගලික බස් රථයේ රියදුරුට පහරදීමට උත්සාහ කරන ආකාරය ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබේ.

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews