YTUnity logo

Welcome to YTUnity

One free SpiderTaz Network account works across every network site.

මොළය මියගිය තරුණයාගේ හදවතින් 14 හැවිරිදි දරුවෙකුට නව ජීවිතයක්: හදවත කොළඹ ගෙන එන්න කළ මෙහෙයුම

Hiru News Video Today

Description

මොළය මියගිය තරුණයාගේ හදවතින් 14 හැවිරිදි දරුවෙකුට නව ජීවිතයක්: හදවත කොළඹ ගෙන එන්න කළ ඓතිහාසික මෙහෙයුම

හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත 14 හැවිරිදි දරුවෙකුට සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ රෝහලක සිදු කළ තුන්වැනි හදවත් බද්ධ කිරීමේ සැත්කම බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය 26 වැනිදා පස්වරු 05 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 07කට අධික කාලයක් මෙම සැත්කම සිදු කර තිබෙනවා.

හදවත බද්ධ කළ 14 හැවිරිදි දරුවා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

හදිසි අනතුරකට ලක්ව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය 19 හැවිරිදි තරුණයාගේ හදවත පරිත්‍යාග කිරීමට ඔහුගේ ඥාතීන් කැමැත්ත පළ කර තිබුණා.

අදාළ හදවත ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හෙලිකොප්ටර් යානයකින් රැගෙන ඒමට ගුවන් හමුදාව විසින් යානයක් ලබා දී ඇති නමුත්, ගම්පහ සිට කොළඹ දක්වා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ මාර්ගය ඔස්සේ හදවත කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, නියමිත කාලය තුළ හදවත රෝහල වෙත රැගෙනවිත් අදාළ දරුවාට සාර්ථකව බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත්ව ඇති බව සඳහන්.

#HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Featured creators

Creators on the SpiderTaz Network

Become a creator →